එක් වරක්
ගොඩ වැදුණි අයෙක්
වැවූ නෙක් අල ගෙඋයන
රිසියෙන් නුඹේ පොත් ගැන
ඔහුගේ ගෙඋයන වැවුණු!
නුඹ ඔහුට දිගු කළේ ගතෙකි
රාක්කය මත රැඳුණු!
තව වරක්
ගොඩ වැදිණ යෝගියෝ දෙදෙනෙක්
විය වදනකුදු නොබිනූ
තිදෙනගේ ‘නිහඬතා‘ සංවාදය
කාලය මත රැඳුණු!
පසුව,
වැඩියේ ය භික්ෂුවක්
ඈත දුර ගමකින්
පාඨක පෙළක් සමගින්
තවත් භික්ෂුවක්
මහණ වත වැළඳගත්
සිය පවුල සොයුරු වත සමගින්
එපරිදි ය... ආ පිරිස දිගු විය….
ඔබේ පාඨක පෙළ
සැමවිටම සිත් ගැණින
ඔබ මෙන්ම
ඔබේ ගත් මෙන්ම
වරෙක මට ඇසිණ
කවරකු හෝ විමසනු,
“ඉතින් කොහොම ද දරු පැටව්?
මොනව ද කරන්නෙ දැන්?”
එයාලා අරහෙ මෙහෙ…!
එපමණකි. නැත කිසිත්.
කොයියම්ම මොහොතක
යළි මා පැමිණි පසු නිවසට
‘අරෙහෙ මෙහෙ‘ ගොස්
ඇතැම් දුක් ගෙන පෑවෙමි
එකදු වදනක් නොම හැර
සෑම වත කෙළවර
වූයේ එකම පිළිතුර,
‘අයියෝ ගණන් ගන්න එපා‘!
පිළිතුර ද විය එය. තවමත් එයයි
පිළිතුර!
“විශ්වාස කරනට නොහැකි බැව් මතකයන්”
ඔබ කීය, ඔබේ එක්
වතක් තුළ
නමුත්, නොහැකි ද
ඇත්තටම?
ප.ලි: දෙවිවරු
පැකැට්ටුව හමුවුණා ද නුඹට?
(මෙයින් වසර 04කට පෙර මැයි
මස 08 වැනිදාවක සමුගත් අපේ තාත්තාගේ (මහාචාර්ය ගුණපාල ධර්මසිරිගේ) මතකය වෙනුවෙනි)
සෙවණැල්ල: A Packet of Memories... - මුදිතා ධර්මසිරි
No comments:
Post a Comment