වැරදීමකින්වත්
ඇවිදිනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
කෙහෙම්මලක් උඩින්වත්
මේ කාලෙ හරිම පුදුමයි
බුදු බණත් හරිම ලාභයි
සේනාවෙ කට්ටිය
උඹව උදුරං යයි
වැරදීමකින්වත්
කතා කරනව හෙම නෙවෙයි උඹ
ඉපදුණු ගමන් නම්
මොනවා හිතට ආවත්
මේ කාලෙ හරිම පුදුමයි
වචනත් හරිම ලාභයි
හිටපු රජෙකුට වුණත්
උඹව ඕනෑ වෙයි
වැරදීමකින්වත්
ඉපදෙනව නෙවෙයි උඹ
හෙට දවාලේ මිස
රාත්තිරියක නම්
මේ කාලෙ හරිම පුදුමයි
තරුත් සැක නොකර බෑමයි
ගව ලෙනක හැඩ නිසා
වාට්ටුව
උඹ අපිට නැති වෙයි
කිසිම සද්දක් නැතිවම
උඹ හෙමිහිට වරෙන්
ඇවිත් ටික දවසක්
නාඬා වුණත් හිටපන්
මල් උඩ ඇවිදින්න
ලොකුකම් ගැන කියවන්න
තරු පිපෙන රෑ මැද
එළු බැටළු රෑන් එක්ක
යන්න
පස්සෙ හෙමිහිට බැරියැ?
දැනට...
පරිස්සමින් වරෙන්
උඹ උපදින්නයි යන්නෙ
ඒක සෙල්ලමක් නෙවෙයි!
-තාත්තා-
මට මේ කවිය කියවපු ගමන් මතක් උනේ මගේ දෙමව්පියන්ව. මම ඉපදෙන්නේ 82.මගේ දෙමව්පියන් 71, 88/89 භීෂණ යුග දෙකක් පහු කරපු උදවිය. කොටින්ම කිව්වොත් අපිට කොහේ හරි තැනක දේශපාලන දෙයක් කතා කරන්න දෙන්නෙ නෑ. මර්ධනය කියන දේ ඒතරමටම ලංකාවෙ ජීවිත වලට බලපාල තිබුන. අදටත් ඒකෙ ඒ හැටි වෙනසක් වෙලා කියල කියන්න බෑ. මර්ධනයේ කුරුරු අමානුෂික බව දුටු හැම තාත්තෙක්ටම ඕනෙ උනේ තමුන්ගෙ එකා වීරයෙක් වෙනව දකිනවට වඩා සද්ද නැතුව පාඩුවෙ ඉන්න එකෙක් වෙනව දකින්න. ඒක ආදරය.
ReplyDeleteහෙට උපදින පුංචි පුතුට
ReplyDeleteලස්සනම ලොවක් හදන්න
අපි කැපවෙනවා හැමදාමත්
ඒත් හරි පරිස්සමින්
දෙව්දත්, ආලවක, කේවට්ට
පරපුරේ ඇත්තන් හැමතැනම...
අම්මත් තාත්තාත් ආදරෙන්
රැකගනීවි පුතු ඔබව
යා යුතු මඟ කියාදේවි
නිසැකවම...
ඒත් හරි පරිස්සමින්...