Sunday, December 22, 2013

සමුගනිමු කියන්නට - ඔව් දැන්...අවැසි නැත!



පෙර දිනෙක ඒ හැඟුමකි
පසුව නැග ආ පැතුමකි
නිහඬ සිතුවිල්ලක් ලෙස නැගී
හඬ නැගී හද ගැබ බිඳ
ඇසුණු අරුතැති වදනකි
මහ යුද නිම වන තුරුම
දැනුණු සුන්දර හැඟුමකි

ඔබ අමතන සැනින්
මම යළිත් දිව එමි
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත!

පෙරළෙන බව කියන මුත්
නිරතුරුව ලෝ වෙස
එවදනින්ම කියවෙත් ද
මෙලෙස නොපැවති බව
එය පෙර දිනෙක කිසි?

යුද බිමෙන් හිස හරවත්ම
මෙපමණි ඔබට කළ හැකි
මිතුරන් කවුරුන්ද
හඳුනා ගැනුම පමණකි

අනන්තය කළු කෙළවර
දිලෙන තරු කැටයක් ගෙන
ඉන් නැගෙන කැල්මෙන්
මග සොයා එනු මැන

අවසානයේ ඔබ
යළිදු පැමිණෙනු ඇත
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත!


ඇරඹුම වෙතම යළි
අපි දැන් පැමිණ ඇත
එය හැඟුමක් පමණි
තවමත් දත් අයෙක් නැත

නමුත්
ඔවුන් වෙත
නොමහැඟුණු පමණින්
ඔබ මතක වල දැමිය යුතු නැත
මතකයට දැඩිව තව දැඩිව
නැගෙන්නට ඉඩ දෙන්න
දෙනෙත් අභියස ඒ
මැවී තිර වන තරමට

උන් ඇමතූ විගස
ඔබ යළිත් එනු ඇත
සමුගනිමු කියන්නට

ඔව් දැන්...අවැසි නැත! 

සෙවණැල්ල - The Call - රෙජිනා ඉල්යිච්නා ස්පෙක්ටර්

වදනක් :- රෙජිනා ස්පෙක්ටර්ගේ The Call ඇය විසින්ම ලියා ගායන කරන ලද ගීතයකි. පසුව එය සුප්‍රකට The Chronicles of Narnia චිත්‍රපට පෙළෙහි Prince Caspian නම් වූ කෘතියේ අවසානය සඳහා යෙදීමත් සමග ඉහළ ජනාදරයක් දිනී ය. 

ගීතයකට අරුත් කොපමණ වේද? බ්‍රිතාන්‍යයේ රාජකීය සිහිකිරීමේ දින උළෙලේ දී හමුදා සේවයේ නිරත පියවරුන්ගේ දියණියන් පස් දෙනෙකු (Poppy Girls) විසින් ගයන ලද මෙම ගීතය හා අවසාන අනපේක්ෂිත මොහොත ගීතයේ අරුත් දහස් ගණනට තවත් එක් අරුතක් මුසු කළේ ය.