Tuesday, July 31, 2012

මෙකව සෙවණැල්ලක් නොව....



පියවරුන් ගැන ලියැවුණු
බොහෝ පදවැල් දුටුවෙමි
එකව් සෙවණැලි තුළ
නුඹ සුවඳ නොදිටිමි

සහස් ගව් දුර සිට
මා පෙළන දොම්නස්
විමසූ නුඹ වෙතින්
දුකක්දැයි අසනු බැරි විය...

මා තුරුණු විය මුත්
නුඹ මා සුවය සෙවු මුත්
වියපත් නුඹ ගතෙහි
රෝ දුක් දකිනු බැරි විය....

මම මහල්ලෙක් වී
නුඹ තුරුණු සමතෙක්
වුණු අපූරුව දැක
සැමවිටම උන්නෙමි

සිත් තුරුණු නුඹ ගත
වියපත්ව යනු නොදිටිමි
නුඹ නික්ම ගිය බව
පිළිගන්න මම මැලි වෙමි

කිසිවක් ම නැති තරමට
හඬක් නොඇසෙන තරමට
ශුන්‍ය පරිසරයක
නුඹේ රුව යළි විමසමි

නුඹ මා අසළ නැති බව
පිළිගන්න මම මැළි වෙමි
එක්වරම මේ සිහිනය
නිමා වන තුරු ඉඳිනෙමි

(දැනට මසකට පෙර අපහැර ගිය ආදරණීය තාත්තී පිළිබඳ ලියැවුණු මෙය සෙවනැලි කවියක් නොවේ.)