Wednesday, July 20, 2016

චාච්චා!


වැඩි හැඩක් නැති අකුරකට
වැඩිය නොඇහෙන හඬකට
කොයි තරම් පුළුවන් ද
ආදරය කැඳවන්න

වැඩි රහක් නැති අකුරකට
කවිවල වැඩිය නැති හඬකට
කොයි තරම් පුළුවන් ද
මේ ජීවිතය යැයි අඟවන්න

අදත් මහ උදයෙම
නැගීවිත් දුරකථනෙන්
දැනුණා මහරු හැගුමක්
හදවත පුරන සතුටක්

‘ච‘

ඒක තනි අකුරක්
නෑ කිසිම හැඩයක්
‘චව් චව්‘ ගාල කනකොට
‘චැහ් චැහ්‘ ගානකොට
විතරක් නැගුණු සද්දක්

ඒත්... අද!

ච එක්ක අල් අකුරක්
එක්ක ඇලපිල්ලක්
එකතු වී හැදිලා
චාච්චා කියල සද්දක්

ඒක ලොකු සද්දක්

හුරු බුහුටියට කදිමෙට
‘තාත්තා‘ නොකිව්වට
ශබ්ද හැඩ විමසන
පුතු මුවින් ආ වදනක්

චාච්චා!

ඔව්... හරිම අදරැති වදනක්!!


5 comments:

  1. සතුටුයි

    මේ කවි සෙවනැල්ලක් නොවෙයි ඔරිම ඔරිජිනල් එක නේද?

    ReplyDelete
    Replies
    1. ඔරිම ඔරි කියන්නෙ... ඔරිම ඔරි ඔරි!!

      Delete
  2. අපේ ප්‍රියන්තත් අප්පච්චි කෙනෙක් උනා එහෙනම් !
    Nihal

    ReplyDelete
    Replies
    1. අපොයි ඇනෝ නිහාල්... අප්පච්චි නෙවෙයි චාච්චා චාච්චා!

      Delete