බාලගිරි අද නෙවෙයි එනවාද
හෙට
උදේ බැරි නම් වරෙන් නගේ
හවසට
යන්න තව තැන් නුඹට බොහොම
තිබුණට
හැම තැනම රැවටිල්ල වරෙන්
අපෙ ගෙට
ගිරි ලෙනක නුඹ තනිව
හිටියෙ කොහොම ද?
නුඹ නැතිව මාපියන් කඳුළු
බිව්ව ද?
එකුස උන් සොයුරු කළ හදිය
ඇත්ත ද?
මේ සියලු දුක් කන්ද
වින්දෙ කොහොම ද?
බාලගිරි පුතුට නුඹ වින
කරනු ඇති
හිතන අපෙ ගෙදර අය නුඹ
දැකල නැති
හෙට ඇවිත් නුඹේ වත
කිව්වොතින් ඇති
සියුමැලිය මගෙ බිරිය
කඳුළු බොනු ඇති
නුඹ සමැති දුක් විඳින
ලියන් ඇත අදත්
එය සිතට ගනු පිණිස කියන්
වත ඇවිත්
හෙට දිනක ලොව නැගෙන පුතු
සදන අපිත්
හා සමග නවතින්න ඇත නිවස
ඉඩත්
උඹ වින්ද දුක් කන්ද
හොඳටෝම ඇති
හැම දොරම උඹට දෙන
රැවටිල්ල ඇති
සෙනසුරුගෙ හෙට නෙවෙයි,
නැගණි අදරැති
බාලගිරි හෙට වරෙන් දොර
ඇරල ඇති
No comments:
Post a Comment