විදාහල පියාපත් සළා ගගනතට වැද
නැගී යයි ඒ නිදහස් සියොත්
යළි වැරෙන්, මහ සැරෙන්
මිහිකත දෙසට බා විත්
රිදී හිරු රැස් පහස වෙත
යළි යළිත් පියඹයි
එනමුත් මේ කූඩුවේ කුරුල්ලා
බැඳී පා, එතී පත් ගැට ගැසී
හෙමි හෙමින්,මැදිරි දොරගුලු තුළින්
ලොව දෙසට නෙත දී
කූජනය අරඹයි
මේ කූඩුවේ කුරුල්ලා
සැලෙන කම්පිත නදින්
ගයයි යම් අරුමැති දෙයක්
වැද සැරෙන්, නද නැගෙත්
දුරු බිම කිඳ හා වනබිම සිසාරා
ඒ නිදහසේ ගීයයි
නිදහසින් පියා විදි කුරුලු තෙම
නෙත යොමන්, විමසමින්
ලේ පිරුණු ගොදුරක්
ගගණතම සිය නමට ලියමින්
තවත් උණුසුම් සුළං විමසයි
එහෙත් මේ කූඩුවේ කුරුල්ලා
අඳුරු සෙවණැලි අතර ගෙවමින්
වැද බියෙන්, සැඟවෙමින්
භයංකර සිහින මැද යළි නැගී
කූජනය අරඹයි
මේ කූඩුවේ කුරුල්ලා
සැලෙන කම්පිත නදින්
ගයයි යම් අරුමැති දෙයක්
වැද සැරෙන්, නද නැගෙත්
දුරු බිම කිඳ හා වනබිම සිසාරා
ඒ නිදහසේ ගීයයි
අපූරු පදටික..
ReplyDeleteකියෙව්ව--
ReplyDeleteහිතවතෙක්