Wednesday, June 18, 2025

අර්ධ ශතකය


යළි හැරී බැලූ විට

ශුන්‍යයට සම කෙරෙන

ඉදිරියට බැලූ විට

ශතකයට සම ගණන

තැනක් වෙද

මම එතැන!

 

මම බලමි යළි හැරී

අතීතයෙ තැනින් තැන

විවිධ තැන්වල රැඳී

හැරී ගිය, දමා ගිය,

නැසී ගිය විවිධ අය

සෙනෙහසින් අත වනනු

මට පෙනෙයි!

 

පා ගැටුණු, ඇද වැටුණු

නෙක් හැඩැති හරස් කණු

දිරා ගොස් ඇති අයුරු

නෙත ගැටෙයි!

 

ශතකයට තව දුරයි

පා නැගුම ගැන සැකයි

ඒ නමුත් ඒ ඉමෙහි

නොදන්නා බොහෝ අය

සෙනෙහසින් අත වනනු

මට පෙනෙයි!

යා යුතුයි!!