Sunday, April 17, 2011

දත්


සිංහල දත්.. සිංහල දත්...
ඉර එළියෙ දිලි‍සෙන
අපේකම උතුරන
හෙළ ලකුණ රැක දෙන

සිංහල දත්... ‘සතුටු’ දත්..
නිතරෝම හිනැහෙන
සොසේජස් නොහපන
කැවුම් විතරක් කන

සිංහල දත්... ‘වීර’ දත්..
ගී පද ම සුගයන
දත් මිටි කිසි නොකන
කිසිවකුත් නොසපන!

ඉතින් අපි ගයමු ගීයක්
‍කොතරම් හැඩද
දෙමළ දත්
මුස්ලිම් දත්...?

සෙවණැල්ල: ස්පයික් මිලිගන් - Teeth

No comments:

Post a Comment