Thursday, April 14, 2011

මම අපේ අම්මා ය!


ඇඟිලි තුඩු අග ළූණු සුවඳැති
තලෙළුවන් ගැහැණී

අප ගැනම සිත දුන්
ලිප මුල මාළිගා සැදු
ඈ අපේ අම්මා
දිවි ගලා යද්දී
මහ ගඟක් වාගේ
මම අපේ අම්මා

නෙතු කඳුළු පිස දුන්
බොර පැහැ චීත්තය ඇඳි
ඈ අපේ අම්මා
දිවි ගලා යද්දී
මහ ගඟක් වාගේ
මම අපේ අම්මා

මම වෙමින්
හෙමි හෙමින්
ඇඟිලි තුඩු අග ළූණු සුවඳැති
තලෙළුවන් ගැහැණී


සෙවනැල්ල: ලෝරා ගුඩ්සන් - I am becoming my mother

1 comment: