යළි හැරී බැලූ
විට
ශුන්‍යයට සම
කෙරෙන
ඉදිරියට බැලූ
විට
ශතකයට සම ගණන
තැනක් වෙද
මම එතැන!
මම බලමි යළි
හැරී
අතීතයෙ තැනින්
තැන
විවිධ තැන්වල
රැඳී
හැරී ගිය, දමා
ගිය,
නැසී ගිය
විවිධ අය
සෙනෙහසින් අත
වනනු
මට පෙනෙයි!
පා ගැටුණු, ඇද
වැටුණු
නෙක් හැඩැති
හරස් කණු
දිරා ගොස් ඇති
අයුරු
නෙත ගැටෙයි!
ශතකයට තව
දුරයි
පා නැගුම ගැන
සැකයි
ඒ නමුත් ඒ
ඉමෙහි
නොදන්නා බොහෝ
අය
සෙනෙහසින් අත
වනනු
මට පෙනෙයි!
යා යුතුයි!!
සුබ පැතුම්. ජය වේවා 🎉
ReplyDeleteහරස් කනු ලඟ නතර නොවෙමු. පෙරටම පය තබමු.
ReplyDelete