Saturday, April 21, 2012

බල්ලා මළා නෙව!


මගෙ බල්ලා මළා
වත්ත කොණ වැටබොඩ
මම ඌව වැළලුවා

තවත් ටික දොහකින්
එතනටම පස් වෙන්ට
හිතානයි උන්නෙ මං
ඒත් ම‍ට කලියෙන්
ලොම් ඇඳුං ඇඳගෙන
ඌ  යන්ට ගිහින් නෙව

ලොම් ඇඳුම නං මදිය?
මහ කැත පුරුදු ‍ටික
තෙත කළු හොම්බ එක්කයි
ඌ යන්ට ගිහිං ඇත්තෙ

මම ලොකු භෞතිකවාදියා
දිව්‍ය ලෝකයක් ගැන නං
හිතන්නෙම නෑ කොහොමත්
අහස උඩ ඇති කියල
කිසිම මිනිහෙක් එනකං
මග බලාගෙන එක දිගට

ඒත් ම‍ට නං සැක නෑ
මහ බලු දිව්‍ය ලෝකයක් ඇති!
මම එනකං වලිගෙ වන වන
මගේ බලු යාළුවත් එක්ක

මේක දරා ගන්ට අමාරු
මහ වේදනාවක් නෙවෙයි නෙව,
කිසිම දවසක ඌ නෑ
මගේ දණ උඩ නැග්ගෙවත්
ඇඟ ව‍ට කරකැවිල
ලීලෙ පෙන්නුවෙ වත්

ඌ කරේ එක දෙයයි
බලාගෙන උන්නු එක විතරයි
මට වඩා පිරිසිදු
උගේ ඇස් ඇරගෙන
එක දිගට බලාගෙන
උන්න ඌ මගෙ ළඟ

උගෙ දුඹුරු ලස්සන
ලොම් පිරිච්ච ජීවිතේම
හැම වෙලාවෙම ළඟ උන්න
මොකවත්ම නොකියා
කිසි කරදරයක් නොකර

ඉඳහිට හවස් වරුවෙ
අපි ඔහෙ ඇවිද්දා
කිසි කතාවක් නැතුවත්
ඌ හරි විනෝදෙන් උන්නා
ම‍ට හොඳ‍ට මතකයි
දවසද්දා හවසක
කපුටෙක්‍ට උඩ පැන්න
අර මහ නුගේ කිට්ටුව

විනෝදෙන් හරි විනෝදෙන්
බල්ලො විතරම නෙව දන්නෙ
විනෝදෙන් ම ඉන්න හැටි
කටු ටික මිසක් මස් කළඳ නැති
කණාටු බලු නහට්ටත්
ඒක දන්නව යසට...

පාංසකූල නං මුකුත් තිබ්බෙම නෑ
අපි ඉතිං එහෙමත්ම
ළඟින් උන්නෙ නෑ නෙව

ඉතින් ඌ මළා
වත්ත කොණ වැටබොඩ
මම ඌව වැළලුවා



සෙවණැල්ල: පැබ්ලෝ නෙරුඩා - A Dog has died

5 comments:

  1. අලුත් බවුවෙක්ව හොයා ගමු.

    ReplyDelete
  2. කමෙන්ට්ස් වල word verification අයින් කරන්න. ඒක කරදරයි

    ReplyDelete
  3. කමෙන්ට්ස් වල word verification අයින් කරන්න. ඒක කරදරයි

    ReplyDelete
  4. අමුතු ආරක කවි ලස්සනයි සුබ පැතුම්

    ReplyDelete