Sunday, April 26, 2015

කාමරයක හැටි!

බලහල්ලකො මේ කාමරයක හැටි
කාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටි

යට කලිසම අර රැඳිල ලාම්පුවෙ
කමිසය තියෙන්නෙ මේස ලාච්චුවෙ

ලාච්චුවෙ තිබුණු බඩු ඉස්ටෝරුව
පුටුවට ඇවිදින් තියෙන අපූරුව

සරම ගැලවිලා බිම මත රවුමකි
ඒ මැද්දෑවේ බැනියං ගුලියකි

ලියන පොතක් ඇත ජනේල පඩියේ
පෑන පෙනෙයි කුණු කූඩය අඩියේ

ඇඳ මත බුදියන කණාටු බල්ලා
ලඟම තියෙන හැටි  කලිසම එල්ලා

පරණ රේඩියෝ එක උඩ කදි‍මෙට
මේස් දෙකක් ඇත එල්ලී පහළට

බලහල්ලකො මේ කාමරයක හැටි
කාගෙ වුණත් ලජ්ජාවක් නැති හැටි

කාගෙද මන්දා මේ ගුබ්බෑයම?
සුනිල් ද? නිමල් ද? ලොක්ක හැබෑටම?

මොකක් කිවුව? මං...? මගේ ද අයිතිය?
ඒකද මට මේ දැනෙන හුරු ගතිය?


සෙවණැල්ල - Messy Room -ෂෙල් සිල්වෙස්ට්‍රින් 

No comments:

Post a Comment