Thursday, April 14, 2011

සැමවිටම...

ඊර්ෂ්‍යා නොකරමි
මට පෙර කවුරුන් පැමිණිය ද

ඔබේ කර මත
මිනිසෙකු තබාගෙන එන්න
ඔබේ හිස මත
සියක් මිනිසුන් ගෙන එන්න
ළය අතර, පා අතර
දහසක් කැටුව එන්න

ගිලුණු මිනිසුන් රැගෙන
චණ්ඩ මුහුදට දිවෙන
ගඟක් ලෙස පැමිණෙන්න
ඔවුන් සැම දෙන සමග
මා වෙතම පැමිණෙන්න

ඔබ එතැයි මා හිඳිමි
අප තනිව උන් තැනම
අප දෙදෙන පමණක් ව
උන් තැනම
අප දිවිය අරඹන්න!

සෙවණැල්ල: පැබ්ලෝ නෙරුඩා - Always

No comments:

Post a Comment