Monday, May 28, 2018

මං පාත් වෙච්ච කන්දක්

ඔව් මං පාත් වෙච්ච කන්දක්
පහළ ගිය ගව් ගාණක්
බිරුවා මට බල්ලො ගාණක්
මං යට ගියා ගව් ගාණක්

බුරනකොට එක දිගට
මොකට රකිනව ද පරණ පද?
පුළුවං තරං පාතට
වෙන එකම නේද හො?

කලින් ඔය පද අහල
හො නම අරන් උන් ලොකු කඳුවල
කණ් ඇහෙන්නෙත් නෑ හරියට
බීරි වෙලා ගන්න නම් මොකට ද?

බල්ලන් බුරන කොට
හො හුස්මක් ගන්න
එකම එක පාරට
වේගෙන් පාතට යන්න
නකුට පස්සේ ගසාගෙන
උන් දුවන වේගය
ඔබට පුළුවං වෙයි දැක ගන්න

ඔව් මං පාත් වෙච්ච කන්දක්
පහළ ගිය ගව් ගානක්
දිව්වා බල්ලො ගානක්

අනේ මට නෑ ගානක්!