Sunday, April 17, 2011

දත්


සිංහල දත්.. සිංහල දත්...
ඉර එළියෙ දිලි‍සෙන
අපේකම උතුරන
හෙළ ලකුණ රැක දෙන

සිංහල දත්... ‘සතුටු’ දත්..
නිතරෝම හිනැහෙන
සොසේජස් නොහපන
කැවුම් විතරක් කන

සිංහල දත්... ‘වීර’ දත්..
ගී පද ම සුගයන
දත් මිටි කිසි නොකන
කිසිවකුත් නොසපන!

ඉතින් අපි ගයමු ගීයක්
‍කොතරම් හැඩද
දෙමළ දත්
මුස්ලිම් දත්...?

සෙවණැල්ල: ස්පයික් මිලිගන් - Teeth

Thursday, April 14, 2011

රජකම


ම‍ට ඕන රජ වෙන්න
ම‍ට ඕන රජ වෙන්න
මට පුළුවනි ද රජ වෙන්න?

ම‍ට? පුළුවන්?
සහතිකෙන්ම? සත්තටම?
හුරේ....‍ජයවේවා...
මමයි මහ රජ
මමයි මහ රජ

හරි..
අපි දැන්
මොකද කරන්නෙ??

සෙවණැල්ල: රොජර් මැක්ගූච් - The Leader

මම අපේ අම්මා ය!


ඇඟිලි තුඩු අග ළූණු සුවඳැති
තලෙළුවන් ගැහැණී

අප ගැනම සිත දුන්
ලිප මුල මාළිගා සැදු
ඈ අපේ අම්මා
දිවි ගලා යද්දී
මහ ගඟක් වාගේ
මම අපේ අම්මා

නෙතු කඳුළු පිස දුන්
බොර පැහැ චීත්තය ඇඳි
ඈ අපේ අම්මා
දිවි ගලා යද්දී
මහ ගඟක් වාගේ
මම අපේ අම්මා

මම වෙමින්
හෙමි හෙමින්
ඇඟිලි තුඩු අග ළූණු සුවඳැති
තලෙළුවන් ගැහැණී


සෙවනැල්ල: ලෝරා ගුඩ්සන් - I am becoming my mother

මම කවියෙක් මි!


මම කවියෙක්මි.
කෙසෙල් ගෙඩි වලට බොහෝ කැමති

මම වෙමි කෙසෙල් ගෙඩි
කවියන්ට බොහෝ කැමති

මම කෙසෙල් ගෙඩි කවියා ය
මම බොහෝ කැමති ය

කැමති කවියා ය ‘මම, මම’
බොහෝ කෙසෙල් ගෙඩි ය

කැමති ‘මම කෙසෙල් ගෙඩි ද?’
‘මම ද?’,  බොහෝ කවියා

කවියාගේ කෙසෙල් ගෙඩි!
මම ද කැමති? මම ද බොහෝ?

කවි කෙසෙල් ගෙඩි! මම
මම කැමති ය, ‘බොහෝ’

මම බොහෝ කැමති කෙසෙල් ගෙඩි
මම කවියෙක් ද?



සෙවනැල්ල: වෙන්ඩි කෝප් - The uncertainty of the poet

සැමවිටම...

ඊර්ෂ්‍යා නොකරමි
මට පෙර කවුරුන් පැමිණිය ද

ඔබේ කර මත
මිනිසෙකු තබාගෙන එන්න
ඔබේ හිස මත
සියක් මිනිසුන් ගෙන එන්න
ළය අතර, පා අතර
දහසක් කැටුව එන්න

ගිලුණු මිනිසුන් රැගෙන
චණ්ඩ මුහුදට දිවෙන
ගඟක් ලෙස පැමිණෙන්න
ඔවුන් සැම දෙන සමග
මා වෙතම පැමිණෙන්න

ඔබ එතැයි මා හිඳිමි
අප තනිව උන් තැනම
අප දෙදෙන පමණක් ව
උන් තැනම
අප දිවිය අරඹන්න!

සෙවණැල්ල: පැබ්ලෝ නෙරුඩා - Always