Monday, May 2, 2011

එන්න මා වෙත


ඇස්ටන් මාටින්, බෙන්ස් සහ වොල්වෝ
දිවෙති අධි වේග මග මත
යන අත නිසි නොදැන වුව
ඩන්හිල්, බෙන්සන් ඇන් හෙජස්
උරන තරුණන්ය තැන තැන
දල්වා උ මුව රැන්ඳුව
ඇතැමෙක් වෙලති සිය දිවි
කොක්ටේල බෝතල වට

ප්‍රියය නුඹ?
දෙනෙත් කරකනු මන් ද
මග හසර නොදනිත් ද
එන්න
මා පහස ලැබගන්න
මගේ ඩාලිං වෙන්න

නොමැතියි හෙ‍ටක් යැයි දවසක්වත්
දෙසති සකල පූජක පෙළ
කදිමයි, තව තිබෙයි සතියක් දෙකක්!
ඇතැමෙක් කියති තුටු වී
පත්තර පිටු පිරී යෙති
බිහිසුණු රුදුරු කරුණින්

ප්‍රියය නුඹ?
දෙනෙත් කරකනු මන් ද
මග හසර නොදනිත් ද
එන්න
මා පහස ලැබගන්න
මගේ ඩාලිං වෙන්න

සෙවණැල්ල: මායා ඇන්ජිලෝ - Come. And be my Baby

No comments:

Post a Comment