ඔරලෝසු නද නවතන්න
දුරකතන සිඳලන්න
බුරන බලු නවතන්න
මස් කටුවක් දෙන්න
බෙර පද පන්සලෙහි
පියානා නද මැදුරෙහි
නවතන්න නවතන්න
මිනී පෙට්ටිය රැගෙන
වැළපෙන්නන් කැඳවන්න
ගුවන් නියමුවනි යානය පදවන්න
ඔහු මිය ගිය බව ගගනත ලියවන්න
සැම දනන් දොර දොර සුදු කොඩි රඳවන්න
ජාතික ධජය ගෙන අඩ කුඹු කරලන්න
මාගේ උතුරද, මාගේ දකුණ ද
නැගෙනහිර බටහිරද
මාගේ දහවල ද මැදියම ද
කතාව ද ගීතයද
විය ඔහු ම
සිතූයෙමි මම ඔහු පෙම
සදාකාලිකයැයි
වැරදියි මම
අවැසි නැත කිසිත් තරු
පසෙක කැඳවා යන්න
දිලෙන ඉර හා සඳත්
එකට ගෙන පොදි ලන්න
මුහුද දැන් බැස යන්න
වනය වියැකී යන්න
මේ කිසිත් ගෙනෙන සුව
මේ කිසිත් ගෙනෙන ජය
යළිත් නැති
සෙවණැල්ල: ඩබ්ලිව්. එච්. අවුඩන් - Song
No comments:
Post a Comment