Friday, March 11, 2011

කවි සෙවණැල්ල


එ කවෙහි සෙවණැල්ල
මත මෙකව ලීවෙමි
එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත

මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන

උස් මුදුන් සම තැනි
එ කවෙහි ද විය මෙලෙසම
අඳුරු හැඩ තල සැකැසුම
අහා! කදිම‍ට ගැලපෙත

එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත

මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන 



- ප්‍රියන්ත ෆොන්සේකා

1 comment:

  1. "කවි සෙවණැල්ල"
    හොඳ යෙදුම
    සෙවණැලි පවා සුන්දරය
    අපූර්වය...

    ReplyDelete