එ කවෙහි සෙවණැල්ල
මත මෙකව ලීවෙමි
එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත
මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන
උස් මුදුන් සම තැනි
එ කවෙහි ද විය මෙලෙසම
අඳුරු හැඩ තල සැකැසුම
අහා! කදිමට ගැලපෙත
එහෙත් සබඳිනි මේ කව
එ කවම නොවී ඇත
මේ තවත් කවියකි
එ කවෙහි සෙවණැල්ල
මත වන
"කවි සෙවණැල්ල"
ReplyDeleteහොඳ යෙදුම
සෙවණැලි පවා සුන්දරය
අපූර්වය...