Friday, May 25, 2012

යුද්ධෙ වැඩ කෙරුවොත්?



යුද්දෙ මොන තරං නං අරුම පුදුම ද?
මොන තරං අපූරු ද
ඵලදායකද ඇත්තට?

මහ බර පාන්දර
සයිරන් සද්දෙ ඇවිදින්
රට හතර පැත්තට
ගිලන්රථ පිට වෙන එක
සෙල්ලං කෙලියක් ය?

වෙඩි වැදිල මළ උන්ට
පෙට්ටි හම්බෙන්නෙත්
කකුල් නැති වුණු උන්ට
කිහිලි කරු එන්නෙත්
යුද්දෙ වැඩ කෙරුවොත්!

පුංචි දරු පැටවු ටික
කම්මැලි වෙන්නෙ නෑ
උන් උණත් හිතනව
ප්‍රශ්න මහ පෙළක් නෙ!

කඳුළු නම් වැඩියක් යැ
මොකෝ මේ මහ පොළව
උතුරන්න අඬන්ට ද
නියං කාලෙකට නං
ඒක මොන සතුටද්ද?

කොටිම්ම කිව්වොතිං
දෙයියොත් සතුටු වෙයි
මල් වෙඩිලි වාගේ
මිසයිල්, ආටිලරි
ආකාසෙ උඩ ගිහිං
දොරකඩම පුපුරණකොට


උදේ රෑ නැතුවම
යුද්දෙ වැඩ කෙරුවොත්
ඒක නං නියමයි!

ජනාධිපතිට පුළුවං
දිගු දේශනා පවත්තල
පදක්කම් අරගෙන
වීර සොල්දාදුවන්ට දීල
දේශ ප්‍රේමේ වටිනාකම
ටක්කෙටම පහදන්ට

කවියන්ට අලුත් පද
ඉතිහාසෙට හොඳ බර පිටු
නව නිපැයුම්කරුවන්ට බැරිවයැ
කෘතිම අක්මා හදන්ටත්!

මැරුණු උන්, වෙඩි තියපු උන්
හැමෝම සමානයි
හරි කදිම විදියට
ඒක පෙන්නිය හැකි!
යුද්ධෙ වැඩ කෙරුවොත්

හැඟුම් බර විදියට
ලිපි ලියන පිළිවෙල
පෙම්වතුන් දැනගයි

ඉවසගෙන මග බලන්
ඉන්නෝනැ පිළිවෙල
පෙම්වතියො හොයාගයි

පත්තරවලට ලිපි, රූප
බලන උන්ට කුතුහලය!
ගෙවල් වුණත් අලුතෙන්මනෙ
අනාථ වුණු උදවියට

මිනී පෙට්ටිකාරය වුණත්
වැඩ නැතුව ඉන්නෙ නෑ
සොහොන් පල්ලට වුණත්
මූසල කමක් නෑ

ජනපතිගෙ මූණෙත්
මහ පළල් හිනාවක්
යුද්දෙ දිගටම තිබුණොත්
ඒකම මදිද තව?

 
සෙවණැල්ල: දුන්යා මිහායිල් - The War works hard

2 comments:

  1. ම්ම්ම්හ්හ්හ්හ්

    ReplyDelete
  2. මේක දැක්කම ඕක තව තේරෙයි James Blunt - No Bravery

    ReplyDelete