Saturday, June 9, 2012

සින්ඩරෙල්ලා


සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
ඔබට කුමරා වෙන්න තිබුණා
රනින් ගෙත්තම් ඇඳුම් ලාගෙන
මැදුරු දොරටුව දුටුව පමණින්
දෙනෙත් හමුවුණු අසුරු සැණකින්
පෙමින් මුසපත් වෙන්න තිබුණා

සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
එක්ව මියුරැති ගීත ගයමින්
රිදී සඳ දිය දහර අභියස
අපට රැඟුමක් රඟනු තිබුණා
ඔබ දෑත් මත රැඳී සතුටින්
රැඟුමතර ඉගිලෙන්න තිබුණා

සින්ඩරෙල්ලා...
ඒ මගේ නම හෙම වුණා නම්
දිදුල රන් හා වජ්‍ර රථ ගෙන
සුරඟ වත දිනු කුමරු ලෙස විත්
නුඹට මා ජයගන්න තිබුණා
මටද ජය හිමිවන්න තිබුණා

නමුදු ඔබ මා අසළ වන විට
නොහැක මට හුස්මක් ලබන්නට

හද සැලෙන නද මා ලයෙහි තුළ
ඔබට දැණිනිද ඔබට හැඟිණි ද?
කාලයම නැවතී මොහොතකට
මහද පමණක් සැලෙන අරුමය
කුමරු ඔබමය වෙසෙසි මට නම්

සින්ඩරෙල්ලා....
ඒ මගේ නම වුණා නම් හෙම
ඔබට මෙලෙසම හැඟේවිද මා...?

මට නොහැක හුස්මක් ලබන්නට
සින්ඩරෙල්ලා නොම බැවින් මා
ඔබ මවෙත සිටිනා තුරාවට
මම නොවෙමි ඒ සින්ඩරෙල්ලා
ඔබ සෙමින් මා සිප කියන මුත්
‘ඔබයි මාගේ සින්ඩරෙල්ලා....‘

සෙවණැල්ල: ලොරේන් ලොටර් - Cinderella

No comments:

Post a Comment